top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අගමැති ධුරයට සජිත්ගේ නම යෝජනා වෙයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 15, 2022
  • 1 min read

ree

සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිධූරය සඳහා සිය පක්ෂවලින් නම් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපති ධූරය සඳහා එලෙස පක්ෂවලින් නම් ඉදිරිපත් කර ඇති පසුබිමක් තුළ නව ජනාධිපතිවරයා පත් කර ගැනීම යම් ගැටළු සහගත තත්ත්වයක පවතින්නේ නම් සිය පක්ෂයෙන් ද ජනාධිපතිධූරය සඳහා නමක් යෝජනා කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ.

ඒ අනුව ජනාධිපතිධූරය සඳහා සිය පක්ෂයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම යෝජනා කිරීමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව පාර්ලිමේන්තුවේ බහුතර බලය පවතින බවට පළවන වාර්තා අසත්‍ය බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කලේ මේ වන විට පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද කිසිවක් ප්‍රකාශ නොකරන මට්ටමක සිටින බවත්, ඔවුන් සතුව මන්ත්‍රීවරුන් 60-70ක් හෝ සිටීද යන්න ගැටළු සහගත බවයි. ජනමතය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාවට අනුව ගත හැකි ක්‍රියාමාර්ගවලට එළඹීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මේ මොහොතේදි සිදුකළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අද පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී සම්මුතියකට අනුව අග්‍රාමාත්‍යධූරය සඳහා නමක් ඉදිරිපත් කරනු ඇති බවත් සමගි ජන බලවේගය සඳහන් කළා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සඳහන් කලේ විපක්ෂයේ පක්ෂවල සම්මුතිය අනුව සමගි ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසට අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා ලෙසට ඉල්ලීමක් කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනයේදී ගැනීමට නියමිත බවයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page