top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම්- විභාග කොමසාරිස් ජනරාල්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 31, 2022
  • 1 min read

ree

එළඹෙන පෙබරවාරි මස 07 දින ආරම්භ කිරීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2021 පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව 2021 විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

2021 අ.පො.ස උසස් පෙළ විභාගය එළඹෙන පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු මස 05 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්තාන 2438ක දී පැවැත් වේ. කොවිඩ් රෝගය වැලඳුණු අපේක්ෂකයින්ට දිවයින පුරා රෝහල්වල විශේෂිත විභාග මධ්‍යස්ථාන 29 ක් ආරම්භ කර ඇතැයි ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. වෛද්‍යවරු සහ විභාගය පැවැත්වීම සඳහා සියළුම පහසුකම් මෙම විභාග මධ්‍යස්ථානයන්හි සමන්විත වේ. ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අංශයන්හි විශේෂ සහයෝගය ලැබුනු බවද කොමසාරිස් වරයා සඳහන් කළේය. නිරෝධායනය වන සිසුන් සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂිත කාමරයක් හෝ දෙකක් වෙන් කර ඇත. විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් හි ඩෙංගු මර්දන සහ ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විටත් අදාළ බලධාරින් කටයුතු කරමින් ඇත. ඒ අනුව , අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අදාළ පාසල් වල විදුහල්පතිවරු විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ අතර පසුගියදා පැවැත් වූ 2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුද අද(31) ආරම්භ කළ බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය. දිවයිනපුරා මධ්‍යස්ථාන 40ක මෙම ඇගයීම් කටයුතු සිදුකෙරේ. එළඹෙන පෙබරවාරි මස 05 වන දා වන විට ඇගයීම කටයුතු අවසන් කිරීමටත් ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page