top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අංක තහඩු ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කරන සීමා ප්‍රකාශයට පත් කෙරේ

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 20, 2022
  • 1 min read

ree

QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන තෙක් සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1500 ක්, ත්‍රී රෝද රථ සඳහා රුපියල් 2000 ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරන බවයි බලශක්ති අමාත්‍යංශය පැවසුවේ. එම සීමාවන් යටතේ හෙට සිට ඉන්ධන නිකුත් කරන බව ද එම අමාත්‍යංශය සඳහන් කළා.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කෙරෙනවා. 0,1,2 යන අංක සදහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලත් 3,4,5 යන අංක සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ. 6,7,8,9 යන අංක සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල සිදු කිරීමට නියමිතයි.

මේ අතර QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ජූලි 25 වනදා සිට ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා. එහෙත් හෙට සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page