top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

“YOU CAN SRI LANKA” වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රචාරණ වැඩසටහන් මාලාවෙන්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 27, 2021
  • 2 min read

ree

නිවැරදි වෘත්තීය අධ්‍යාපනයට මගපෙන්වන මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

“YOU CAN SRI LANKA” නමින් ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාව ජනමාධ්‍ය, ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේද මෙන්ම ප්‍රාදේශීය දැනුවත් කිරීම් ඔස්සේ සමාජ ගත කෙරේ. සාර්ථක හා ඵලදායී වෘත්තීය අධ්‍යාපන අවස්ථා පිළිබඳව නිවැරදි සමාජ ආකල්ප හා දැනුවත්බව ඇතිකර තරුණ ප්‍රජාව නිසි වෘත්තීය අධ්‍යාපන අවස්ථා කරා යොමු කිරීම මෙහි අරමුණයි. ජනාධිපතිතුමා ජනතාව හමුවේ තැබූ “ සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර ඇති පරිදි, ශ්‍රම වෙළෙඳපොලේ ඉල්ලුමට සරිලන වෘත්තීය නිපුණතාවෙන් සපිරි තරුණ ශ්‍රම බලකායක් රට තුළ ඇති කිරීමට මේ මගින් අවස්ථාව සැලසේ. ජනමාධ්‍ය මෙන්ම නව ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේද භාවිතයෙන් වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රචාරණ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබේ. 2021 සැප්තැම්බර් 27, 29 හා 2021 ඔක්තෝබර් 01 දවස්වල පෙ.ව. 7.00 සිට පෙ.ව.7.30 දක්වා අයි රූපවාහිනී නාලිකාවෙන් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන විකාශනය කෙරේ. 2021 ඔක්තෝබර් 02 ප.ව.4.00 සිට ප.ව.4.30 දක්වා සිරස රූපවාහිනී නාලිකාවෙන් මෙම වැඩසටහන නැරඹීමට පිළිවන. 2021 සැප්තැම්බර් 27 සිට 2021 ඔක්තෝබර් 03 දක්වා සෑම දිනකම ප.ව.7.00 සිට 8.00 තෙක් ඉලක්කගත කණ්ඩායම් වලට මාර්ගගත (Webinar) වැඩසටහන් පැවැත්වීමටද රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එමෙන්ම 2021 සැප්තැම්බර් 30 දින යාවත්කාලීන තොරතුරු රැගත් www.youthjobs.lk වෙබ් අඩවිය හඳුන්වාදෙනු ලැබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් ප්‍රාදේශීය මට්ටමින් වෘත්තීය මාර්ගෝපදේශන සැසි පැවැත්වීමටද නියමිතය. වැඩසටහන් මාලාවෙන් පාසල් සිසු සිසුවියන්, තරුණ තරුණියන් මෙන්ම ගුරුවරුන්, දෙමාපියන් සහ රාජ්‍ය සහ පුද්ගලික සේවයේ නිලධාරීන් දැනුවත්කිරීමට අපේක්ෂිතය. සාර්ථක වෘත්තීය අධ්‍යාපනය හා එකී වෘත්තීය අධ්‍යාපනය ලබාගත හැකි ආයතන පිළිබඳ දැනුවත් කිරීම, වෘත්තීය අධ්‍යාපනයෙන් පසු රැකියා වෙළෙඳපොලට යොමු වීමට අවශ්‍ය තොරතුරු සමාජගත කිරීම, සාර්ථක වෘත්තීය මාර්ගෝපදේශනයක් ලබා ඵලදායී වෘත්තීන්ට පිවිසිමේ නිසි මග පෙන්වීම වැඩසටහන් මාලාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල අතර වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වය ඇතිව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් මාලාවට ජාතික අධ්‍යාපන ආයතනය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා You Lead ව්‍යාපෘතියද සම්බන්ධව සිටී. මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page