top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

Xpress pearl නෞකාවේ සුන්බුන් ඉවත්කිරීම ඇමතිවරුන්ගේ නිරීක්ෂණයට....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 19, 2022
  • 2 min read

ree

2021 මැයි 20 වන දින ගිණිගැනීමට ලක්ව ජුනි 02 දා මුහුදුබත් වූ Xpress pearl නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍යවරු පිරිසක් (18) එම ස්ථානය වෙත ගියහ.

කොළඹ වරාය ආසන්නයේ ගිණිගනිමින් තිබූ Xpress pearl නෞකාව තුළ රසායනික ද්‍රව්‍ය බහාලුම් රැසක් තිබූණි. බහාලුම් පිපිරීම හේතුවෙන් විශාල පරිසර හානියකට ලක්වීමේ අවධානමක් තිබූ බැවින් එය මඟහරවා ගැනීම සඳහා නෞකාව තිබූ ස්ථානයේ සිට හැකිතාක් දුරට රැගෙන යන ලදී. මේ අවස්ථාව වන විට නැවේ සුන්බුන් සියයට 90ක් පමණ ඉවත් කර ඇති බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.“ Xpress pearl නැව බේරාගන්න මොහොතකට පෙර ගිණිගෙන මුහුදුබත් වුණා. ඒ අවස්ථාවේ සිට රජයක් ලෙසත් වරාය හා නාවික අමාත්‍යාශය ලෙසත් අනෙකුත් අමාත්‍යාංශ සමඟ සම්බන්ධවෙමින් හානිය අවම කර ගැනීමට කටයුතු කළා. ගිණිගැනීම සිදුවූ අවස්ථාවේ නොයෙකුත් වැරදි අර්ථ කථන දෙනවා අපි දැක්කා. නමුත් සමූද්‍රයට පරිසරයට හා ධීවර ප්‍රජාවට සිදුවිය හැකි හානිය අවම කිරීමට රජයක් ලෙස එම සිදුවීම සිදුවූ අවස්ථාවේ සිට කටයුතු කර තිබෙනවා” අමාත්‍යවරයා කීවේය. නිරීක්ෂණ චාරිකාවට අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි මහතා ද එක්විය. ගිණිගන්නා අවස්ථාවේ නෞකාව තුළ කන්ටේනර් 1500ක් පමණ තිබූ බව හඳුනාගත් බවත් නෞකාවේ හිමිකරුවන් සමඟ සාකච්ඡා කර තවදුරටත් තෙල් කාන්දුවක් වීමට තිබූ අවස්ථා අවම කළ බවත් ඔහු පැවසුවේය. “සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අදියර දෙකකින් සිදු කෙරුණා. පළමු අදියර යටතේ විසිරී ඇති කන්ටේනර් සහ අපද්‍රව්‍ය ඉවත් කළා. දෙවනුව කළේ ගිලී තිබෙන නැව යළි ඔසවා තැබීමයි. ඉවත් කිරීමේ සමාගම ඉතා විද්‍යානුකූලව කටයුතු කරන අතර රජය එම ක්‍රියාවලිය අධීක්ෂණය කරනවා. ඒ වගේම අපට ලැබිය යුතු වන්දි මුදල් ලබා ගැනීමට දැනටමත් නිසි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දැනට රුපියල් බිලියනයක පමණ වන්දියක් ලැබී තිබුණත් එය ඉතාමත් සුළු මුදලක්. තවත් වන්දි ලැබිය යුතුව තිබෙනවා. මේ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඕස්ට්‍රේලියාවේ නීති සමාගමක් තක්සේරු කිරීමේ කටයුතු සඳහා සම්බන්ධ කරගෙන තිබෙනවා. ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට නීතිමය ප්‍රතිපාදන අපි සකස් කරමින් යනවා” අලිසබ්රි මහතා පැහැදිලි කළේය. නැව ගිණිගැනීම හේතුවෙන් ධීවර, පරිසර, සමුද්‍රජීවී වැනි අංශ කිහිපයකම හානි සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටු කිහිපයක් පත්කර විමර්ශනය කරගෙන යන බවත් වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. විමර්ශනවලට අනුව තක්සේරු කරන හානිය උපරිම වශයෙන් ලබාගන්නා බවද ඔහු කීවේය. ධීවර කටයුතු සිදුකිරීම තහනම් කලාපයක් ලෙස නම්කර තිබූ ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවල ධීවරයන් 15 000කට පළමු අදියර යටතේ 2021දී නැව් රක්ෂණ සමාගමෙන් වන්දි ලෙස ලැබූණු රුපියල් මිලියන 420ක් දුන් බවත් දෙවන අදියර යටතේ තවත් අමෙරිකන් ඩොලර් මිලියන 1.75ක් ලබන සතියේ සිට වන්දි ලෙස දෙන බවත් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කාංචන ව්ජේසේකර මහතා ප්‍රකාශ කළේය. නැව ඉවත් කිරීමේ කටයුතු සඳහා ශේන්හයි සැල්වස් සමාගමේ නැව් දෙකක් යොදවා ඇති අතර නැව් එසවීමට යොදාගන්නා ආධාරක 63ක් ඒ සඳහා යොදවා තිබේ. නැව කොටස් දෙකක් ලෙස එසවීමට සැලසුම් කර ඇත. ඉතිරිවූ නැව ද කපා ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා දැනටමත් ආධාරක 06 ක් යොදාගෙන ඇතැයි වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page