QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට රටපුරා
- helloplanetaviss
- Jul 26, 2022
- 2 min read

ජාතික ඉන්ධන අවසරපත මගින් හදුන්වාදුන් QR කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙනවා. ඒ අනුව අද දිනයේ ඉන්ධන නිකුත් කරන දිවයින පුරා පිහිටි සියලුම සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී. ඉන්ධනහල් ජාලය මඟින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.
ඒ අනුව අද දිනයේ ඉන්ධන ලැබීමට නියමිත සියලුම ඉන්ධන පිරවුම්හල්වල එම පද්ධතිය සක්‍රීය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පැවසුවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම ආයතනයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ.
QR කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වුවද තාක්ෂණික හෝ උපකරණවල අඩුපාඩුකම් පවතින ඉන්ධනහල් හිමියන්ට එම අඩුපාඩු නිවැරදි කර ගන්නා තෙක් වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කමට අදාළ දිනයන්හි නියමිත කර ඇති ප්‍රමාණයන්ට ඉන්ධන බෙදාහැරීම සිදු කළ හැකියි.
එහෙත් අගෝස්තු 01 දින සිට ඉන්ධන නිකුත් කෙරෙන්නේ ජාතික ඉන්ධන අවසරපත්‍රයට පමණයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ.
ඒ අනුව අගෝස්තු මස 01 වනදා සිට ජාතික ඉන්ධන අවසරපත්‍රය ඉන්ධන ලබාගැනීම සඳහා ඇති එකම ක්‍රමවේදය බවට පත් වනවා. එබැවින් අදාළ මෘදුකාංගය ඔස්සේ ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය ලියාපදිංචි කිරීම ලබා ගන්නා ලෙසයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉන්ධන පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. එම වැඩපිළිවෙල සඳහා අනුගත වන සියළුම ඉන්ධනහල් වෙතින් ද ඉල්ලා සිටින බවද එම අමාත්‍යාංශය සදහන් කළා.
වාහන කිහිපයක් හිමි ආයතන සඳහා තම ව්‍යාපාරික බලපත්‍රය මඟින් තම සියළු වාහන ලියාපදිංචි කිරීමටත්, රජයේ වාහන ලියාපදිංචි කිරීම සඳහා එම රජයේ ආයතනවල අංශ ප්‍රධානීන් විසින් නම් කළ නිලධාරියෙකුට මෘදුකාංගය වෙත පිවිස දත්ත ඇතුළත් කිරීමටත් අවසර ලබා දීමට නියමිතයි.
විදුලිජනක යන්ත්‍ර, වගා උපකරණ සහ අනෙකුත් යන්ත්‍ර සඳහා ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය ලියාපදිංචි කිරීම් ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සිදු කෙරෙනු ඇති.
පොලිස් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට තම බල ප්‍රදේශයේ ඇති ත්‍රීරෝද රථ වෙන් කර එම එක් එක් ත්‍රීරෝද රථ එම ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වලට වෙන් කර ලියාපදංචි කිරීමටද අවස්ථාව ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කළා.
Comments