top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

QR ක්‍රමය සාර්ථක කර ගැනීමට පිරවුම්හල් හිමියන්ගෙන් යෝජනාවක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 2, 2022
  • 1 min read

ree

සතියක පමණ කාලයක් සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීමට හැකි වුවහොත් QR කේත ක්‍රමයට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් තුළ විශ්වාසයක් ඇතිකළ හැකි බව ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි උප සභාපති කුසුම් සඳනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ ඉන්ධන නිකුත් කිරීම සඳහා QR කේත ක්‍රමය අනිවාර්යය කෙරුණු ඊයේ දිනය තුළ දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම සාර්ථකව සිදුවූ බවයි.


මෙම ක්‍රමවේදය හරහා ඉන්ධන පිරවුම්හල්වලට අයථා ලෙස ඉන්ධන ලබාදීමට අවස්ථාවක් නොලැබෙන බව ද ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.


ඉන්ධන ලබාගැනීම සඳහා තමන්ට ලැබිය යුතු QR කේතයේ මුද්‍රිත පිටපතක් වුවද, ප්‍රමාණවත් වනවා. එහෙත් එය නැවීම්, පොඩිකිරීම් සිදුනොකර තබාගැනීම අත්‍යවශ්‍ය බවයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ දසුන් හෑගොඩ පැවසුවේ.


හඳුන්වාදී ඇති QR කේත ක්‍රමය හරහා කිසිඳු අක්‍රමිකතාවක් සිදුවීමට ඉඩ නොතබා ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page