top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

QR අද සිට අනිවාර්ය වෙයි : අතිරේක ඉන්ධන ගන්නත් විශේෂ අවසරයක් ලබාදීමට අවධානය

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 1, 2022
  • 2 min read

ree

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් QR කේතයට අනුව පමණක් ඉන්ධන ලබාදීම දිවයින පුරා අද සිට ක්‍රියාත්මක වනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් සහ කළමණාකාරිත්වයෙන් ඉල්ලා සිටියේ QR ක්‍රමවේදයට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙසයි.


QR ක්‍රමයට ඉන්ධන ලබාදීමේදී වාහන අංකයද පරීක්‍ෂාවට ලක් කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.

QR ක්‍රමවේදයට පරිභාහිරව කිසියම් පිරවුම්හලකින් ඉන්ධන ලීටරයක් හෝ නිකුත් කළ හොත් ඒ බව පිරවුම්හල් හිමිකරුට මෙන්ම ඛණිජතෙල් සංස්ථාවට ද නිරීක්ෂණය කළ හැකියි. අදින් පසුව මෙම ක්‍රමවේදයට පරිභාහිරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතයි.

QR ක්‍රමවේදයට පරිබාහිරව පිරවුම්හල්වලින් අද සිට ඉන්ධන නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳ දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.


ඒ අනුව QR ක්‍රමවේදයට බැහැරව ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් වන පැහැදිළි ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් 074 - 2 123 123 අංකයට වට්ස්ඇප් මාර්ගයෙන් යොමු කර ලෙසයි බලශක්ති අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙන්නේ. එම අංකය නැවතත් 074 - 2 123 123.


මේ අතර විදුලි ජනන යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය වෙනත් උපකරණ භාවිත කරන පුද්ගලයින්ට ලියාපදිංචි වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳූන්වාදී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල යන කරුණු ඇතුළත් කර අදාළ ප්‍රදේශය භාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය දැනුම් දුන්නේ.

මාර්ග බලපත්‍ර සහිත පෞද්ගලික බස්රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් කෝටාවක් යටතේ ඉන්ධන ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අදාළ බස් රථ ධාවනය කෙරෙන දුර අනුව මෙම ඉන්ධන ලබාදීමේ කෝටාව ක්‍රියාත්මක බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.


බලධාරීන් විසින් අනුමත කරන ලද පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක, ගිලන්රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා භාවිත වන රථවාහනවලට ඉන්ධන ලබාදීමද ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් සිදුකරනු ලබනවා. එමෙන්ම ගිලන්රථ සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසයි බලශක්ති අමාත්‍යංශය සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉල්ලා සිටින්නේ.


මේ අතර කිසියම් පුද්ගලයෙකුට QR ක්‍රමයට ලබාදෙන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නම් එලෙස අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය ලබාදීමට ද බලශක්ති අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.


ඒ අනුව කිසියම් පුද්ගලයෙකුට සිය වාහනයෙන් දුරබැහැර ප්‍රදේශයකට යාමට අවශ්‍ය නම් අදාළ පුද්ගලයා ගමන් කරන ප්‍රදේශය කෙටි පණිවිඩයක් මගින් යොමු කිරීම අවශ්‍ය වනවා. අදාළ ස්ථානයට ගොස් ආපසු පැමිණීමට සතියක් තුළ ලබාදෙන ඉන්ධන ප්‍රමාණයට වඩා අවශ්‍ය වේ නම් අදාළ ගමනාන්තයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඔහුට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමටයි මේවනවිට සැලසුම් කර ඇත්තේ.


ඒ අනුව QR ක්‍රමවේදය යටතේ සතියකට නිකුත් කෙරෙන ඉන්ධන ප්‍රමාණය අදාළ වාහනයට ලබාදී තිබුණ ද, එලෙස නම් කරන ලද පිරවුම්හලකින් අවශ්‍යතාවය සඳහා අතිරේක ඉන්ධන තොග ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.


මේ අතර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභපති මේජර් ජෙනරාල් ආර් එම් ඩබ්ලිව් සොයිසා අද එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා. ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන එම ධුරයේ වැඩබැලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page