top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

LANKAPAK 2022" ප්‍රදර්ශනය සහ "Sri Lanka Print 2022" ප්‍රදර්ශනය විවෘත වෙයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 20, 2022
  • 1 min read

ree

ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය(SLIP) විසින් පවත්වනු ලබන "LANKAPAK 2022" ප්‍රදර්ශනය සහ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය(SLAP)විසින් පවත්වනු ලබන "Sri Lanka Print 2022" ප්‍රදර්ශනය යන දෙකෙහිම සමාරම්භක උළෙල කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් (18) කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

ඉන් අනතුරුව ඉහත ප්‍රදර්ශනයන් දෙක අමාත්‍යවරයාගේ සුරතින් විවෘත කෙරිණි. මෙම ප්‍රදර්ශනයන් අද සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට සමගාමීව කර්මාන්තකරුවන්ට ඇසුරුම්කරණ හා මුද්‍රණ කර්මාන්තයන්හි නව තාක්ෂණික දැනුම ලබාදීම ඉලක්ක කරගත් සම්මන්ත්‍රණයන් දෙකක් ද පැවැත්වීමට නියමිතය. ඉහත සමාරම්භක උළෙල අමතා ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ(SLIP) සභාපති රොහාන් විජේසිංහ, ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ(SLAP) සභාපති පීටර් ඩෙකර් යන මහත්වරු ද අදහස් දැක්වූහ. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page