top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

IMF ණය ප්‍රමාද වීමෙන් ශ්‍රී ලංකාව අමාරුවේ වැටෙයිද ? ආර්ථික විද්වතුන්ගෙන් අනාවරණයක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 30, 2022
  • 1 min read

ree

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ගතයුතු පියවරයන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිත මුදල් ප්‍රමාද වීම ගැටලුවක් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබාදීම සදහා සිය විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවන කාලසීමාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්. ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය මත බොහෝ දේ රඳා පවතිනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න සඳහන් කළේ රටක් ලෙස කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිවැරදිව සිදුකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලැබීම ප්‍රමාදවුවද ශ්‍රී ලංකාවට දැවැන්ත බලපෑමක් සිදු නොවනු ඇති බවයි.


IMF ණය ප්‍රමාද වන්නේ නම් ශ්‍රී ලංකාව සිදු කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ මොනවාද?

රටේ ආර්ථිකය ගොඩනැගීම සදහා වෙනත් ආකාරයකින් සිතිය යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු පැවසුවේ.


ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 9ක ණය මුදල දෙසැම්බර් මස මැද භාගය වන විට ලබා ගැනීමටයි ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් පවසා ඇත්තේ හැකි ඉක්මණින් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට සියලුම පාර්ශ්ව කාර්යක්ෂමව හා කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page