top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

“Galle Techno Park” (තාක්ෂණ උද්‍යානයේ) ඉදිකිරීම් ජනපති නිරීක්ෂණයට .....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 18, 2022
  • 2 min read

ree

ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ ඉදිකෙරෙන “Galle Techno Park” (තාක්ෂණ උද්‍යානය) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරේ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් (Cultural Technological Innovation) ගොඩනැගීම අරමුණු කරගනිමින් දිවයින පුරා “තාක්ෂණ උද්‍යාන” පහක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම, විදේශ ආයෝජන ආකර්ෂණය, දියුණු තාක්ෂණයෙන් යුත් නව සමාගම් දිරිමත් කිරීම, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය, නව රැකියා අවස්ථා ඇති කිරීම, දැනුම බෙදාහැරීම, අදාළ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ විදේශ විනිමය ඉපැයීමෙන් ජාතික ආර්ථික සංවර්ධනයට දායක වීම මෙමගින් අපේක්ෂා කෙරේ. ගාල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම තාක්ෂණ උද්‍යාන ඉදි කිරීමට නියමිතය. ගාල්ල, වලහන්දූව තාක්ෂණ උද්‍යාන භූමියට (17) පස්වරුවේ පැමිණි ජනාධිපතිතුමා ව්‍යාපෘති පුවරුව විවෘත කර වැඩ භූමිය නිරීක්ෂණය කළේය. ගාල්ල තාක්ෂණ උද්‍යානයේ නිල ලාංඡනය එළි දැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. අක්කර 30ක පමණ වපසරියක විහිදෙන තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම් 2023 වසර මැද වන විට නිම කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. 5G සන්නිවේදනය සහිත නවීන තාක්ෂණික පහසුකම්, නැනෝ පර්යේෂණ ආයතන, විනෝදාස්වාද ක්‍රියාකාරකම්, තෝරාගත් ස්ථානවල ස්වභාවික පරිසරය හා මුසු වූ ක්‍රීඩා මෙන්ම මානසික හා ශාරීරික විවේක මධ්‍යස්ථානවලින් “තාක්ෂණ උද්‍යානය” සමන්විත වේ. ගාල්ල තාක්ෂණ උද්‍යානය ඉදි වීමත් සමග සෘජු රැකියා අවස්ථා 2,000ක් පමණ සහ වක්‍ර රැකිය අවස්ථා රැසක් බිහිවන බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා උත්සව සභාව පිළිගනිමින් සඳහන් කළේය. එමෙන්ම අධ්‍යාපන සහ තාක්ෂණ ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට මෙම ව්‍යාපෘතියෙන් දැවැන්ත දායකත්වයක් සැපයෙන බව රමේෂ් පතිරණ මහතා පෙන්වා දුන්නේය. නව තාක්ෂණ උද්‍යාන ඉදිරියේ දී මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන ධාවකයක් බවට පත්වනු ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසීය. 2022 වසර අවසන් වීමට පෙර රටේ සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීමේ පසුබිම සැකසෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. ග්‍රාම නිලධාරී මහතාගේ සිට ජනාධිපති ලේකම් දක්වා රාජ්‍ය ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණයෙන් බද්ධ කෙරෙන බවත් ජනාධිපතිතුමා ලබාදී ඇති ඉලක්ක සපුරාලමින් ඉදිරි මාස 30 තුළ සියලු සේවා කටයුතු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය. දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, කංචන විජේසේකර, ජානක වක්කුඹුර යන මහත්වරු, දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page