74 වන නිදහස් දිනයට නාවික හමුදාවෙන් අචාර වෙඩිමුර 25 ක්...
- helloplanetaviss
- Jan 31, 2022
- 1 min read

අභිමානවත් 74 වන නිදහස් දින පෙළපාලියට සමගාමීව මෙවර නාවික හමුදාවෙන් අචාර වෙඩිමුර 25 ක් සහ ගුවන් හමුදාවෙන් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.
මේ පිළිබඳව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා මේ බව දැනුවත් කළේ, අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
මෙහි දී අදහස් දැක් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා;
“74 වන නිදහස් දින පෙළපාලියේ සාමාන්‍ය පෙළපාලියට අමතරව චාරිත්‍රානුකූලව පැවැත්වෙන දේශය වෙනුවෙන් ශ්‍රී ලංකා ගජබාහු නෞකාවෙන් පිරිනමන ආචාර වෙඩිමුර 25 ක් පිරිනැමීමට කටයුතු කරනවා.” එමෙන්ම, සියල්ලන්ට දැකබලාගත හැකි වන පරිදි ගාලු මුවදොර ආසන්න මුහුදු සීමාවේ දී පෙබරවාරි 04 දින දහවල් 12.00 ට මෙම ආචාර වෙඩි මුර පැවැත්වෙනවා.
මෙහි දී අදහස් දැක් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා;
“ත්‍රිවිධ හමුදාවත් සමඟ පාබල හමුදාව ජාතික උත්සවයට එක් වන අතර ගුවනේ සිට අභිමානය ගෙන ඒමට ගුවන් යානා 26 ක් සහ ගුවන් නියමුවන් 50 ක් ඇතුළත් ගුවන් යානා සංදර්ශනයක් පැවැත්වීමට නියමිතයි.
Comments