74 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්....
- helloplanetaviss
- Feb 3, 2022
- 1 min read

2022 පෙබරවාරි 04 පැවැත්වෙන 74 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව පෙබරවාරි 01 සිට 06 දක්වා රුක් රෝපණ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.
රුක් රෝපණයේ දී මී පැළ, කොහොඹ පැළ හා කුඹුක් පැළ , ඒ ඒ ප්‍රදේශවලට සුදුසු වෙනත් වන පැල හා සෑම ගෙවත්තක් තුළම පලතුරු හෝ ආහාරමය වටිනාකමකින් යුක්ත පැළ හෝ ඖෂධ පැළ සිටුවීමට ප්‍රමුඛත්වය ලැබේ. රුක් රෝපණය සඳහා ගංගා ඉවුරු, වැව් හා ජලාශ අවට, මහාමාර්ග හා වාරිමාර්ග දෙපස වැනි පොදු ස්ථාන ද, සෑම රාජ්‍ය පරිශ්‍රයකම හා සෑම ගෘහයකම පැළ රෝපණය 74 වන නිදහස් දින උළෙලේදී ජාතික අවශ්‍යතාවක් ලෙස සලකන අතර සිටුවන පැළ භාරව කටයුතු කිරීමට හා පසු අධීක්ෂණය සඳහා එක් අයෙකු බැගින් පත්කර ඇත. වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොල් වගා කිරීමේ මණ්ඩලය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ආයතන හා ස්වේච්ඡා හා පෞද්ගලික ආයතන එක්ව ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. රෝපණයට සුදුසු පැළ තෝරා ගැනීම සඳහා එක් ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකට උපරිමය වශයෙන් රුපියල් 5000ක් වන සේ මුදල් ප්‍රතිපාදන වෙන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පැවසීය. මෙවර ද නිදහස් දින සමරුම් උළෙලට සමගාමීව කාර්යාල පරිශ්‍ර තුළ ශ්‍රමදාන පැවැත්වෙන අතර දේශීය ශාක සඳහා අවශ්‍ය ඉඩපහසුකම් ලබගැනීම සඳහා හඳුනාගත් ආක්‍රමණික ශාක ඉවත්කිරීමටද අවධානය යොමුකර ඇත. මෙම වැඩසටහන සංවිධානය කිරීමේදී කොවිඩ් - 19 පැතිරීම වළක්වා ගැනීම සඳහා අනුමත සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරන ලෙසත්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන තරුණ, වැඩිහිටි, කාන්තා හා ළමා සංවිධානවල සහයෝගය ලබාගෙන ගන්නා ලෙසත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා නිලධාරීන් වෙත දැනුම්දී තිබේ.
Comments