top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

74 වන ජාතික නිදහස් දින උළෙල - කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආවරණය වන විශේෂ ආරක්ෂක සැලැස්මක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 31, 2022
  • 1 min read

ree

74වන ජාතික නිදහස් දින උළෙලට සමගාමීව කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආවරණය වන ලෙස විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කෙරන බවත්, ඒ සදහා ශ්‍රී ලංකා පොලිසියත්, විශේෂ කාර්යය බළකාය, ත්‍රිවිධ හමුදාවේ ද සහය ඇතිව නිළධාරීන් 3000 කට අධික පිරිසක් යොදවා ඇති බවත්, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

අභිමානවත් 74 වන නිදහස් උත්සවය පැවැත්වෙන පෙබරවාරි මස 04 දින මාර්ග 21 ක ගමනාගමනය සීමා කෙරෙන බවත්, එමඟින් ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි එම මාර්ග වලට අදාළ විකල්ප මාර්ග භාවිතා කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවත් හෙතෙම කියා සිටියේය. පුහුණුවීම් කටයුතු ජනවාරි 29 වන දිනයේ ආරම්භ වීමත් සමඟ එකී පුහුණුවීම් පෙබරවාරි 03 දක්වා පැවැත්වෙන හෙයින් නිදහස් චතුරශ්‍රය හා ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය අවම කිරීම සඳහා පෙරවරු 06.00 සිට පස්වරු 02.00 දක්වා මාර්ගවල යම් යම් සීමා කිරීම් සිදු කෙරෙන බවත්, එහෙත් මහජනතාවට ඇතිවන අපහසුතාවයන් සහ තදබදය අවම වන ආකාරයට එම පෙළපාලි පුහුණු වීම් සිදුකරනු ලබන බවත්, පුහුණු වීම් සිදුකරන කාලයේ දී පමණක් අත්‍යවශ්‍යම මාර්ග පමණක් වසා තැබෙන බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය. තව ද, උත්සවයට පැමිණෙන ආරාධිත අමුත්තන් සඳහා ආරාධනා පත්‍රය සමඟ ලබා දී ඇති රථගාල් කිරීම සම්බන්ධ වූ ලේබලය සහිතව පෙරවරු 7.30 ට පෙර පැමිණෙන ලෙස සියලු ආරාධිත අමුත්තන්ගෙන් ඉල්ලා සිටින බව ද දැනුම් දෙන ලදී.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page