top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

2050 වසරේදී ශ්‍රී ලංකාව කාබන් උදාසීන රටක් බවට පත් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගනී...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 16, 2022
  • 2 min read

ree

වසර 2050 වන විට මෙරට කාබන් ශුන්‍ය රටක් බවට පත් කිරීමට විශේෂ වැඩසටහනක් සහ තවත් පරිසර හිතකාමි වැඩසටහන් කිහිපයක්ම ඉදිරියේදී ක්‍රියාත්ම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. රට කාබන් ශුන්‍ය තත්වයට ලඟාවීම සඳහා වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය අඩු කළ යුතු අතර වායුගෝලයෙන් කබන්සයෝක්සයිඩ් වායුව අවශෝෂණය කරගන්නා පරිසර පද්ධතීන් වැඩි කළ යුතුය. මාර්ග සිතියමක් සහ උපායශීලි සැලසුමක් මගින් මෙම ඉලක්ක ඉටු කර ගැනීමට අපේක්ෂිත අතර මෙහි ප්‍රගතිය වසර 05 කට වරක් සමාලෝචනය කෙරේ. හරිත ශ්‍රී ලංකා- “සෑම අයෙක්-එක පැළයක්” ජාතික වැඩසටහන යටතේ 2025 වසර වන විට වන වැස්ම 30% දක්වා ඉහල නැංවීමට, ජල පෝෂක සුරක්ෂිත කිරීමට හා ආක්‍රමණික ශාක ඉවත් කිරීමට මෙවර අයවැයෙන් රු මිලියන 2000 ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ යටතේ වන ගම්මාන 200ක් ස්ථාපනය, පාසල් හා ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රවල රුක් රෝපණ වැඩසටහන්, දීප ව්‍යාප්ත ඔසු උයන්, ආගමික ස්ථාන භූමියේ රුක් රෝපණ වැඩසටහන්, වාරි රක්ෂිත හා ජල පෝෂක ප්‍රදේශ තුල රුක් රෝපණ වැඩසටහන්, රාජ්‍ය ආයතන සතු ඉඩම්වල රුක් රෝපණය ඇතුළු වැඩසටහන් ගණනාවක් සැලසුම් කර තිබේ. දැනටමත් පෞද්ගලික අංශයද මෙම ව්‍යාපෘති දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අධීක්ෂණය කෙරේ. ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා ප්‍රවාහන පද්ධතිය සමග මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම එකාබද්ධ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ලාභදායි හා පරිසර හිතකාමී පාපැදි ධාවනයට ජනතාව දිරිමත් කිරීම, ඉදිරියේදී සිදු වේ. දැනට තිබෙන ව්‍යායාම මංතීරු වැඩිදියුණු කිරීම හා සුදුසු පරිදි පාපැදි මංතීරු දියුණු කිරීමට නියමිතය. අනාගතයේදී ඉදිකරනු ලබන මාර්ග සඳහා පාපැදි මංතීරු සැකසේ. වාහන තදබදය අවම වන, සෞඛ්‍යයට හා පරිසරයට හිතකර පාපැදි ධාවනයට ජනතාව දිරිගැන්වීමේ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක්ම හඳුන්වා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේය. මෙම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, යන අමාත්‍යවරුද එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page