top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

2030 වර්ෂය වන විට 75% ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කිරීම සඳහා නව ගමනක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 23, 2021
  • 2 min read

ree

සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනයට අනුව 2030 වර්ෂය වන විට 75% ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කිරීම සඳහා නව ගමනක් ලෙස මෙගා වොට් 50 ට වැඩි පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන්නට හැකි යෝජනා කැඳවා එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වනවා යැයි සූර්ය බල සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පුත්තලම ප්‍රදේශයේ වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන සෙගුවන්තිව් සහ විදාතමුනායි සුළං බලාගාර ගොවිපල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. සෙගුවන්තිව් සහ විදාතමුනායි සුළං ගොවිපළ පුත්තලම කළපුවේ ගිනිකොන දිග වෙරළේ සෙගුවන්තිව් හා විදාතමුනායි යන ගම්මාන දෙක කේන්ද්‍ර කර ගනිමින් වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) බලශක්ති සමාගම විසින් සෙගුවන්තිව් සහ විදාතමුනායි සුළං බලාගාරය ක්‍රියාත්මක කරනු ලබයි.එය 2010 වර්ෂයේ ආරම්භ කර ඇති අතර, එය මෙරට ක්‍රියාත්මක තත්වයේ පවතින පළමු සුළං බලාගාරයයි. සුළං බලාගාරයේ මෙහෙයුම් කාර්යාලය හා සුළං කුළුණු අමාත්‍යයවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා. අද අපි 2010 වර්ෂයේ ආරම්භ කළ මෙරට පළමු වැනි සුළං බලාගාරය නිරීක්ෂණය කරන්න අපි පැමිණියා.අපිට පුළුවන්කම ලැබුණා අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනයට අනුව 2030 වර්ෂය වන විට 75% ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කිරීම සඳහා නව ගමනක් ලෙස මෙගා වොට් 50 ට වැඩි පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන්නට හැකි යෝජනා අපි කැඳවන්න බලාපොරොත්තු වෙනවා, ඒ සඳහා අපිට කැබිනට් අනුමැතිය ලැබුණා.ඒ නිසා ඉතාම ඉක්මනින් මේ යෝජනා කැඳවලා එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා අමාත්‍යංශ මට්ටමින් යැයි පැවසීය. මෙම අවස්ථාවට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශ ලේකම් හේමන්ත සමරකෝන්, වින්ඩ් ෆෝර්ස් (WIND FORCE PLC) සුළං බලාගාර ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ මංජුල පෙරේරා, ප්‍රධාන විධායක නිළධාරී ලසිත් විමලසේන, ප්‍රධාන කළමනාකාරුන් වන චමීර ගුණරත්න, ප්‍රසන්න දිසානායක , යාන්ත්‍රික අධිකාරී සනත් සමරසේකර යන මහත්වරුන් හා පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ අර්ජුන දුෂ්යන්ත මහතා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද සහභාගී වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page