top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 22, 2022
  • 2 min read

ree

2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය ජනවාරි 22 සෙනසුරාදා ( අද ) පෙ.ව 9.30 ආරම්භ වෙයි.

2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දූදරුවන් කිසිදු බියක් ඇති නොකරගෙන සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා දරුවන්ගෙන් ඉල්ලූමක් කරයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සුපුරුදු ලෙස ඉරිදා දින නොපැවැත්වෙන බවත් ජනවාරි 22 සෙනසුරාදා පෙ.ව 9.30ට විභාගය ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි. ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් දරුවන් 255062ක්,දෙමළ මාධ්‍යයෙන් 85446ක් පෙනී සිටින අතර සමස්ත සංඛ්‍යාව 3,40,508ක් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. විභාග මධ්‍යථාන 2943ක් ක්‍රියාත්මක අතර කොවිඩ් -19 ආසාදිත දූ දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක් ක්‍රියාත්මක බවද බිභාග කොමසාරිවරයා දැනුම් දුන්නේ ය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කරන වේලාව වන තුරු නොසිට දරුවන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් (පර්යේෂණ සහ සංවර්ධන) ගයත්‍රි අබේගුණසේකර මහත්මිය පවසයි. ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත මෙම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පැයක කාලයක් සහ දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා පැයකුත් මිනිත්තු පහළොවක කාලයක් ලැබේ.පළමු ප්‍රශ්න පත්‍රයෙන් අනතුරුව මිනිත්තු තිහක විවේකයක් ලැබෙන අතර නැවත විභාගය ආරම්භ වන්නේ පෙරවරු 11ට වේ. ප්‍රශ්න පත්‍රය අතට ගත් විගස පිළිතුරු සැපයීම ආරම්භ නොකර ප්‍රශ්න පත්‍රයේ සඳහන් උපදෙස් මාලාව හොඳින් කියවා බලන ලෙස විභාග කොමසාරිස් (පර්යේෂණ සහ සංවර්ධන) ගයත්‍රි අබේගුණසේකර මහත්මිය දරුවන්ට අවධාරණය කළාය. ප්‍රශ්න පත්‍රයේ පළවන සහ තුන්වන පිටුවල ලබා දී ඇති ස්ථානයේ විභාග අංකය පැහැදිළිව සඳහන් කළ යුතු බවත් ලබා දෙන කටුවැඩ කොළ දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සංවිධානය කිරීමට භාවිත කරන ලෙසත් අබේගුණසේකර මහත්මිය කියා සිටී.එසේ නොමැතිව මනෝමයෙන් පිළිතුරු සැපයීමට යාමේදී දරුවන්ගේ පිළීතුරු වැරදි සහගත වන බව පසුගිය වසරවලදී නිරීක්ෂණය වූ බව ඇය තවදුරටත් පෙන්වා දෙයි. ලබා දී ඇති ප්‍රශ්නය නිසි ලෙස කියවා පිළිතුරු සපයන ලෙසත් ඇය දරුවන්ගෙන් ඉල්ලා සිටී.පෙර වසරවල පැවති විභාගවලදී ප්‍රශ්නය නිසි ලෙස අවබෝධ කර නොගැනීමෙන් දරුවන් ප්‍රශ්නවලට නිවැරදිව පිළීතුරු ලබා නොදුන් බවත් අබේගුණසේකර මහත්මිය කියා සිටියාය. කිසියම් ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට අපහසු වන්නේ නම් එම ප්‍රශ්නයේ රැඳී නොසිට අනෙක් ප්‍රශ්නවලට අවධානය යොමු කරන ලෙසත් වේලාව පවතී නම් එම මගහැර ගිය ප්‍රශ්නයට පිළිතුරු සපයන ලෙසත් ඇය වැඩිදුරටත් පැවසීය. පිළීතුරු සැපයීමට නිල් බෝල්පොයින් පෑන හෝ පැන්සල භාවිත කළ හැකි බවත් කිසිවිිටෙකත් මකන දියර ( TIPEX) භාවිත නොකරන ලෙසත් පිළිතුර වැරදි නම් තනි ඉරකින් කපා හරින ලෙසත් ඇය උපදෙස් ලබා දුන්නාය. තරග විභාගයක් බැවින් පිළිතුරු ඉතා සියුම්ව ඇගයීමට ලක් කෙරෙන බැවින් දරුවන් පිළිතුරු සැපයීමේදී සැළකිළිමත් විය යුතු බව ඒ මහත්මිය අවධාරණය කළාය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page